විවාහවී සතියකින් බාල්කයේ එල්ලුණ මිල්ලනියේ යුවළගෙ මරණයට හේතුව පෙර විවාහය හෙළිවීමලු


විවාහවී සතියකින් බාල්කයේ එල්ලුණ
මිල්ලනියේ යුවළගෙ මරණයට හේතුව
පෙර විවාහය හෙළිවීමලු


දවස් හතකට පෙර විවාහ වූ නව යුවළක් බාල්කයක එල්ලී මියයාමේ කම්පනයට පත්කරවන සිදුවීමක්  පෙරේදා මිල්ලනිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.
 කෝසල සචින්  (28) හා කෝසලී මහේෂිකා (19) යන අඹුසැමියන් මෙලෙස මියගිය අතර කෝසල  මීට පෙර විවාහ වූ පුද්ගලයෙක් බවත්, එම විවාහයෙන් දරුවකුද සිටින බවත් මේ කාරණා සඟවා අලුත් විවාහයකට පිවිසීමෙන් පසු මොහුගේ විස්තර මෙන්ම පෙර පවුලට නඩත්තු ගෙවන කතාවක්ද හෙළිවීමෙන් පසු ඇතිවූ ගැටලුකාරී තත්ව මත
මෙම මරණ සිදුව ඇතැයි වාර්තා විය.
සිය දියණිය වැන් රථ රියැදුරකු සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන යන බවට කිසිවකු විසින් දෙනු ලැබූ ජංගම දුරකතන  ඡායාරූප කිහිපයක් දැකීමෙන් කෝපයට පත් මියගිය තරුණියගේ පියා  ඉකුත් 12 වැනි දින රාත්‍රී ඇයට බැණ වැදී පහර කිහිපයක්ද එල්ල කර ඇති අතර

දියණිය රහසේම එම තැනැත්තා සමග විවාහ වී සිටින බව දැන නොසිටි බවත් වාර්තා විය.

මෙම පහරකෑමේ සිද්ධියෙන් පසු ඉන් කෝප වී සැමියා ගෙන්වාගෙන මෙම තරුණිය නිවසින් පළාගොස් ඇත. පසුව පියා ඒ ගැන පොලීසීයෙ පැමිණිල්ලක් කර ඇත.
මෙම දෙදෙනා එකට ජීවත්වන්නට පටන්ගෙන දිනක් ගතවද්දීම ඔහුගේ තොරතුරු ඇයට වාර්තාවී ඇති අතර මියගිය වෑන් රියදුරු සැමියා විවාහකයෙකු බවත් දරුවෙකුද සිටින අයෙකු බවත් එම විවාහයෙන් වෙන්වී නඩත්තු ගෙවමින් සිටියදී මෙම විවාහය කරගත් බවත් දැනගන්නට ලැබී ඇත.

තරුණියට නැවත ඔහු හැරදමා නිවසට යන්නට බැරි තත්වයක් උද්ගතවී ඇති අතර පසුව ඔවුන් දෙදෙනාම ජීවිතයෙන් සමුගන්නට තීරණය කර තිබෙන බව සැක කරයි.
තරුණයාගේ නිවසේ දෙදෙනාම බාල්කයක එල්ලී සිටිනු ඔහුගේ මිතුරන් දැක ඒ ජිළිබඳ මිල්ලනිය පොලිසියට දන්වා තිබේ. නිවසේ සාලයෙන් අඩි දෙදාළහක් පමණ දිගින් යුත් බාල්කයේ හරි මැදට වන්නට දැමු  තංගුස් ලණුවක අඩි තුනක් වන්නට පරතරයට සිටින සේ ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු ලණුවේ දෙකෙළවරේ එල්ලෙමින් තිබු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කෙසේ වෙතත් මියයෑමට හේතුව දන්වා ලිපියක් හෝ කිසිවක් ඔවුන් තබා නොතිබූ බවත් මිතුරන්ගේ සාක්ෂි ඔස්සේ කරුණු හඳුනාගන්නට සිදුවූ බවත් පොලිසිය දන්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment