හාමුදුරුවන් බය වුණාට අවුකන පිළිමෙට අකුණු වදින්නෑලු

ඓතිහාසික අවුකන පිළිම වහන්සේට ආරක්ෂාව සලමින් ඉදිකොට ඇති ආවරණ වහලය නිසා එම පිළිම වහන්සේට අකුණු සැර වැදීමේ අවදානමක් නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.



රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව විසින් ඉදිකර ඇති ආවරණ වහලය නිසා පිළිම වහන්සේට අකුණු සැර වැදීමේ අවදානමක් නොමැති බව ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලද විදුලි ඉන්ජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් තහවුරු කරන ලදැයි අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාගේ මඟ පෙන්වීම යටතේ පරීක්ෂණය සිදුකර ඇත.
වසර 2013 සහ 2015 අතර කාලයේදී අවුකන පිළිම වහන්සේට ආරක්ෂාව පිණිස මෙම වහලය ඉදිකරන ලද බවත් මාලිගාවිල පිළිම වහන්සේට සහ තිවංක පිළිමගෙයි ආරක්ෂාව සඳහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව විසින් තවත් මෙවැනිම ආවරණ වහල දෙකක් ඉදිකර ඇති බවත් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment