ටියුෂන් යනව කියා පෙම්වතා සමග කැලෑවට ගිය තරුණිය සමුහ දූෂණයට

උපකාරක පංති යන මුවාවෙන් පැමිණ කැලෑවැද සිටි පෙම් යුවළක්‌ බියවද්දා පෙම්වතාට පහරදී පෙම්වතිය සමුහ දූෂණය කළ තරුණයන් පස්‌දෙනකු අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි.
 පදියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 20 ක තරුණයකු හා එම ප්‍රදේශයේම පදිංචි වයස 17 ක තරුණියක්‌ මහියංගන දියබානා වැව ප්‍රදේශයේ වන ළැහැබක පෙම් සුව විඳිමින් සිටියදී ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු පැමිණ පෙම් යුවළට බලපෑම් කර බියවද්දා පෙම්වතාට පහරදී පෙම්වතිය බලහත්කාරයෙන් කැළය මැදට

රැගෙන ගොස්‌ බරපතළ අපයෝජනය කර සමුහ දූෂණයට ලක්‌කර ඇත. තරුණිය සති අන්ත පන්ති යන මුවාවෙන් පෙම්වතා සමඟ මෙලෙස පැමිණ සිටියදී මෙලෙස සමුහ දූෂණයට ලක්‌ව ඇත.

 තරුණිය සමුහ දූෂණයට ලක්‌වීමෙන් අනතුරුව ඇයගේ නිවසට ගොස්‌ සිද්ධිය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා පදියතලාව රෝහලට ද, ඉන්අනතුරුව වැඩිදුර පරීක්‌ෂණ සඳහා මහියංගණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. මහියංගන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් පැය 12 ක්‌ යැමට පෙර ස්‌ත්‍රි දූෂකයන් පස්‌දෙනා කොටුකර ගැනීමට සමත්ව ඇති අතර අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 17, 18, 20, 22, 25 යන වයස්‌ කාණ්‌ඩ වල පසුවන 49 කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසකි.

 තරුණිය නේවාසික ප්‍රතිකාර ලබන අතර අත්අඩංගුවට ගනු ලැබූ ස්‌ත්‍රී දූෂක සැකකරුවන් මහියංණ දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මහියංගණ - රංජිත් කරුණාවිර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment