මහවිරු දින සමරන්න කිලිනොච්චියට ගිය දෙමළ මන්ත්‍රී පිරිසට බාධා

මහවිරු දින සමරන්න කිලිනොච්චියට ගිය දෙමළ මන්ත්‍රී පිරිසට බාධා


යුද හමුදා අනුඛණ්ඩයකට අයත් සීමාවක අදාළ සොහොන් ගැබ පිහිටා ඇති අතර ප්‍රදේශවාසීන් ඊට ඇතුළු වීමට අවසරය ඉල්ලීමේදී යුධ හමුදා නිලධාරීන් පවසා ඇත්තේ ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටත් තමන්ට ඉහළ නිලධාරීන්ගේ අවසරය නොලැබී ඇති බැවින් ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටත් ය.


පසුව එම ස්ථානයට ගිය කිලිනොච්චිය දිස්ත්‍රික් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ටි.කුරුකුලරාජා මහතා හා එස්.පසුපතිපිල්ලේ මහතා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කියා ඇත්තේ තමන්ගේ ඥාතීන් මිහිදන් කොට ඇති මහවිරු සොහොන් වටකොට යුධ හමුදා කඳවුරු ඉදිකිරීම අනුමත නොකරන අතර තමන්ගේ ඥාතීන් සිහි කිරීමට ඇති මහවිරු සොහොන් පවතින ප්‍රදේශයෙන් යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවයි.එහිදී පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් යුධ හමුදා නිලධාරීන් වෙත දෝෂාරෝපණය කොට ඇති බවද වාර්තා වෙයි.


පසුව ගැටළුව හට ගත් ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා පැමිණ ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ජා කරන බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන බවටත් පැවසුවේය.
අනතුරුව අදාළ පිරිස අදාල ස්ථානයට යාමට අවසර නොමැති වීමෙන් යුද හමුදා අනුඛණ්ඩය ඉදිරිපස පහන් දල්වා පොල් ගසා වැඩ ශ්‍රමදානය ආරම්භ කිරීම සනිටුහන් කළ බව පවසා ඇත.


-වන්නි රොමේෂ් මධුෂංඛ

3333

333

33333

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment