LIOC තවත් ගේමක් එළියට පනියි.


පෙට්‍රල් අර්බුදය මැද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිහදු කරන පෙට්‍රල් ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වලට ලබා නොදී ලංකා ඉන්දියන් තෙල් සමාගමට ලබාදීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සේවකයන්ගේ නොසතුටක් මතුව ඇතැයි වාර්තා වේ.

සපුගස්කන්ද තෙල්පිරිපහදුවේ පිරිපහදු කරන පෙට්‍රල් කොළොන්නාව තොග නිමාවට පොම්ප කරන අතර එහි සිටින ප්‍රධානින් එසේ ඉන්දියන් තෙල් සමාගමට එම පෙට්‍රල් ලබා දෙන බවට සේවකයෝ චෝදනා කරති.

තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වලට මෙසේ කුඩම්මාගේ සැලැකිළි දක්වන්නේ දවයින පුරා පිහිටි වැඩිම තෙල් පිරවුම්හල් ගණන ඔවුන් සතුව තිබයදීය.

රටපුරා ඉන්ධන පිරිවුම් හල් 1235 ක් තෙල් සංස්ථාව සතුවන අතර ලංකා ඉන්දියන් තෙල් සමාගමට ඇත්තේ පිරවුම් හල් 212කි.

ලබන නොවැම්බර් 07 වැනිදා දක්වා කොළොන්නාව තොග නිමාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 11,000ක තොගයක් ඇති බවද මේ අතර වාර්තා වේ.

දැනට සංස්ථාව ඇනවුම් කර ඇති පෙට්‍රල් නැව 09 වැනිදා මධ්‍යම රාති 12.30ට කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.

එහි ප්‍රමිතිය පරික්ෂා කර ගොඩබෑම් ආරම්භකර තෙල් බෙදාහැරීම යථාතත්වයට පත්වන ලබන 11 වැනිදා වනු ඇතැයි එහි ප්‍රකාශකයෙක් කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment