යුද හමුදාපතිට යාපනය මහාධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි!

යුද හමුදාපතිට යාපනය මහාධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි!


1996 වසරේ ජූලි 19 වැනි දින යාපනය නාවක්කුලි ප්‍රදේශයේදී යුද හමුදාවෙන් අත්අඩංගුවට ගත් දෙමළ තරුණයින් 24 දෙනෙකු අතුරුදහන් වූ බව කියමින් එම තරුණයින් කොටසකගේ ඥාතීන් විසින් ගොනුකළ පෙත්සම් නඩුව 15 වනදා විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කොට ඇත.
මෙම 24 දෙනා අතරින් 12 දෙනෙකුගේ අතුරුදහන් වීම් පිළිබඳ ගොනුකර තිබූ පෙත්සමේ නඩුව යාපනය මහාධිකරණයේදී පසුගිය 9 වැනිදා සිට විභාගයට ගැණුනේ නීතිපතිවරයා නම්කල විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිවය.
2002 වසරේදී යාපනය මහාධිකරණය හමුවේ ගොනුකල මෙම පෙත්සමේ මූලික විභාගය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කර අවසන් කිරීමෙන් පසු පසුගිය සතියේ සිට යාපනය මහාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.
මෙම පෙත්සමේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා, නීතිපතිවරයා හා නාවට්කුලිය යුද හමුදා කඳවුරේ එවකට අණදෙන නිලධාරියා නම් කර ඇති අතර ඔවුනට එළැඹෙන ජනවාරි 18 වැනිදා යාපනය මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

1996 වසරේ සැප්තැම්බර් මාසයේ චාවකච්චේරි නාවට්කුලි ප්‍රදේශයේදී එවකට නාවට්කුලි හමුදා කඳවුරේ සිටි අන දෙන නිලධාරියා විසින් අත්අඩංගුවට ගත් පිරිසක් මෙසේ අතුරුදන් වී ඇති බවට මෙම පෙත්සම යොමු කර ඇත.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි 18 වැනිදාට කල්දැමූ මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා විසින් මෙදිනට හමුදාපතිවරයා අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි නියෝග කළේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment