උපාධිධාරීන් රජයේ රැකියා ඉල්ලා යාපනයේ විරෝධතාවක් !

උපාධිධාරීන් රජයේ රැකියා ඉල්ලා යාපනයේ විරෝධතාවක් !


රැකියා විරහිත උපාධිධාරීන්ගේ ජාතික සංගමයේ පූජ්‍ය තැන්නේ ගුණානන්ද හිමියන්ගේද සහභගීත්වයෙන් යුතු උතුරු පලාතේ රැකියා විරහිත වූවන්ගේ සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කළ අතර විරෝධතාවය සඳහා රැකියා විරහිත වූවන් 100 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
විරෝධතාවයට එක් වූ රැකියා විරහිත උපාධිධාරීන් වැඩි දුරටත් කියා සිටියේ යුද වාතාවරණයක් මධ්‍ය යේ නොයෙකුත් බාධක මැද අසීරුවෙන් ඉගෙන ගෙන උපාධිය ලබා වසර කිහිපයක් ගියද තමන්ට මේ වන තුරු රජයේ ස්ථීර රැකියාවක් ලබා දීමට බලධාරීන් ක්‍රියා නොකිරීම දැඩි අසාධාරණයක් හෙයින් දැන් හෝ උතුරේ රැකියා විරහිත උපාධිදාරීන්ට රජයේ ස්ථීර රැකියාවන් ලබා දීමට වත්මන් රජය ක්‍රියාකළ යුතු බවටයි.


විරෝධතා කරුවන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයට ගමන් කල අතර පසුව උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාට සංදේශයක් භාර දෙනු ලැබුවේ තම උපාධියට සරිලන අයුරින් රජයේ රැකියාවක් ලබා දෙන ලෙසට ඉල්ලමිනි.
අනතුරු උතුරු පාලාත් ආණ්ඩුකාර වරයා කියා සිටියේ,
‘අදාල ගැටලුව සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු නිලධාරීන් දැනුවත් කොට සාකච්ඡා කරන බවට විරෝධතා කරුවන් දැනුවත් කෙරුණි.

වන්නි රොමේෂ් මධුෂංඛ

vfff2

vfff3

vfff4

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment