යහපාලන ආණ්ඩුවේ නියම ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල?
පසුගියදා 2018 අයවැය යෝජනා ඉදිරිපත්වීමත් සමඟ ආර්ථිකයේ සෑම අංශයක්ම නඟා සිටුවන යෝජනා රැසක් ඊට ඇතුලත් විය. ඉදිරිපත්වූ අයවැය යෝජනා සම්බන්ධයෙන් දින ගණනක් පුරා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් එහි අඩංගු යෝජනා පිලිබඳ සිය අදහස් පලකළේය.
එහිදී මාර්ග සංවර්ධන කටයුතු සඳහා වෙන්කල ප‍්‍රතිපාදන හා නව ව්‍යාපෘති, දිවයිනම ආවරණය වන පරිදි යොමු කරන්නට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා කටයුතු කර ඇත.
හර්ෂණ රාජකරුණා, ජේ.සී.අලවතුවල, ආශූ මාරසිංහ වැනි මන්ත‍්‍රීවරුන් රැසක්ම එ් පිලබඳ ඉතාමත් ප‍්‍රසංශාත්මකව සිය අදහස් පල කළේය.
පසුගිය වසර තුල මාර්ග සංවර්ධනය සඳහා ගත් පියවර මෙන්ම, එළඹෙන වසර තුලදීද විශාල කාර්යභාරයක් සිදුකිරීම සඳහා කිරිඇල්ල අමාත්‍යවරයාට ශක්තිය ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප‍්‍රකාශ කල අතර චාල්ස් නිර්මලනාදන් මහතා ප‍්‍රකාශ කලේ යහපාලන ආණ්ඩුවේ නියම ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බවයි.
0 comments :
Post a Comment