තොරතුරු තාක්ෂණ විෂය පාසල් සිසු හැමටම අනිවාර්ය කරයි


පාසල් විෂය නිර්දේශය සඳහා ඉදිරියේදී තොරතුරු තාක්ෂණ විෂය අනිවාර්යය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
ඉදිරියේදී

සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය තොරතුරු තාක්ෂණය මත පදනම් වන බවත් තොරතුරු තාක්ෂණික දැනුම මේ වන විටත් ග්‍රාමීය මට්ටම දක්වාම ව්‍යාප්ත වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙරට සියලු පාසල් සඳහා තොරතුරු තාක්ෂණික දැනුම ලබාදීමට වත්මන් රජය කටයුතු කර ඇත්තේ එම දැනුම තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් බවත්, තොරතුරු තාක්ෂණික දැනුමේ දැඩි අනාගත අවශ්‍යතාව නිසාම ගුරුවරුනටද තොරතුරු තාක්ෂණික පුහුණුව ලබාදීමට මේ වන විටත් රජය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
සර්වෝදය ෆියුෂන් ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව "ධ්ඊ යහමඟ" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කොට තිබිණි. තමන් ජීවත් වන සමාජ වටපිටාව තුළ ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ආකාරයට අන්තර්ජාලය හැසිරවීමට විවිධාකාර වූ වයස් පරාස තුළ සිටින ප්‍රජාවන් දැනුවත් කිරීම ධ්ඊ යහමඟ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
උදයන්ති මුණසිංහ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment