සිම්බාබ්වේ හමුදාව රජය පෙරළයි - මුගාබේ නිවාස අඩස්සියේ


සිම්බාබ්වේ හමුදාව ඊයේ එරට පාලනය අතට ගත්තේය. වසර ගණනාවක් පුරා අසාධාරණ ලෙස බලයේ රැඳෙමින් අතිශය පීඩාකාරී තත්වයක් ජනතාවට උරුම කළ ජනාධිපති රොබට් මුගාබේ ආරක්ෂිතව සිටින බව  එරට ජාතීක රූපවාහිනීය ඔස්සේ හමුදා ප්‍රකාශයක් කරමින් හමුදා ප්‍රධානියා සඳහන් කළේය. මුගාබේ
ජනාධිපතිවරයා නිවස තුළ කොටු වී ඇතැයි ඊට යාබද රට වන දකුණු අප්‍රිකානු ජනාධිපතී ජාකෝබ් සූමා සඳහන් කර තිබේ.
"ජනාධිපති සූමා උදෑසන කාලයේදී සිමිබාබ්වේ ජනාධිපති මුගාබේට දුරකතන ඇමතුමක් ලබාදුන්නා. මුගාබේ ජනාධිපතිවරයාට නිවෙසින් පිටතට යෑමට හැකියාවක් නැහැ. ඔහු නිවස තුළ සිරවී සිටිනවා. කෙසේ නමුත් ඔහු හොඳින්' ජනාධිපති සූමා වෙනුවෙන් දකුණු අප්‍රිකා රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ඇති වී තිබෙන අර්බුදය සමිබන්ධයෙන් සාකචිඡා කිරීම සඳහා විශේෂ නියෝජිත පිරිසක්

සිමිබාබ්වේ වෙත යැවීමට කටයුතු කරන බව ද ජාකෝබ් සූමා දන්වා ඇත. සිම්බාබ්වේ හමුදාව එරට පාලනය ඔවුන් යටතට ගැනීම පසුපස එරට උප ජනපති ලෙස සිටි එමර්සන් මිනන්ග්වා සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඔහුව මීට ටික කලකට පෙර මුගාබේ විසින් බලයෙන් නෙරපනු ලැබූවේ බල අරගයක ප්‍රතිඵලයක් ලෙසිනි. පසුුව ඔහු හමුදාව සිය මතයට නම්මවාගෙන මුගාබේ පාලනය මෙලෙස බිඳ දමන ලදැයි පැවසේ.‍
 පසුගිය මාසයේ දිනෙක මුගාබේ ජනාධිපතිවරයාගේ බිරිඳ වන ග්‍රේස් උප ජනාධිපති එමර්සන් හමුදා කුමන්ත්‍රණයත් දියත් කරමින් සිටින බවට ද චෝදනා කර තිබූ අතර පසුගිය සතියේදී එමර්සන් උප ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීමත් සමග ජනාධිපති බිරිඳ ග්‍රේස් රොබට් මුගාබේ වෙනුවට එරට පාලනයට පත් කරනු ඇතැයි දේශපාලන පෙරළියක සලකුණු ඇති කරමින් වාර්තාවී තිබුණි.
කෙසේ වෙතත් එක්වරම හමුදාව අනෙක් පැත්ත ගත් අතර වැරදි කරුවන්ට දඩුවම් දීමට මෙම රජය පෙරළිය යුතු යයි හමුදාව ප්‍රකාශ කරන්නට විය.

රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මුගාබේ ජනාධිපතිවරයා වටා සිටින අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් දියත් කළ බවත් ජනාධිපතිවරයා ආරක්ෂිතව සිටින බවත් සිමිබාබ්වේ හමුදාවේ සෑපයුම අංශයේ මේජර් ජෙනරාල් සිවුසිසෝ මෙයෝ ප්‍රකාශ කළේය. මෙය කිසිදු ආකාරයක හමුදා කුමන්ත්‍රණයක් නොවන බව ද සිමිබාබ්වේ හමුදාවේ ඔහු දන්වා තිබිණි. සිමිබාබ්බේ රාජ්‍ය මාධ්‍ය ආයතන ද තම පාලනයට ගෙන ඇති හමුදාව මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත් ජනාධිපතිවරයා වටා සිටින අපරාධකරුවන්ට දඬුවම් දිමේ මෙහෙයුම දියත් කර ඇති බවත් ප්‍රකාශ කර තිබේ. රාජ්‍ය ආයතන, පාර්ලිමේන්තුව, මධ්‍යම හරාරේ හි පිහිටි අධිකරණ යනාදිය ට පිවිසෙන මාර්ග ආයුධ සන්නද්ධ වාහන සහ සොල්දාදුවන්ගෙන් පිරී තිබෙන බව ද වාර්තා විය. “අපි ජනාධිපතිවරයා වටා සිටින අපරාධ කරමින් සිටින පිරිසට එරෙහිව අධිකරණය ඉදිරියට ගෙන එනවා.” මේජර් ජෙනරාල්වරයා පැවැසීය.

“අපේ මෙහෙයුම අවසන් වූ පසු සියල්ල යථා තත්ත්වයට පත්වනු
ඇතැයි අපේක්ෂා කරනවා” යැයි ද හෙතෙම කීය.
සිමිබාබ්වේ ජනාධිපතිවරයා වන මුගාබේ හෝ ඔහුගෙන් පසු බලයට පත්විමට අපේක්ෂාවෙන සිටින ජනාධිපති බිරිඳ ග්‍රේස් සමිබන්ධයෙන් හෝ කිසිදු තොරතුරක් මේ වනවිට එරට මාධ්‍ය තුළ වාර්තා කර නැත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment