ලංකා බැංකු සේවක සංගමේ ලොක්කට සාමාජිකයෝ දෙහි කපයි.


ලංකා බැංකු සේවක සංගමයේ නව නිළධාරී මණ්ඩලය විසින්, සංගමයේ සාමාජික මුදල් තම අභිමතය පරිදි වියදම් කිරීම සම්බන්ධයෙන් එහි සාමාජිකත්වයේ විරෝධය එල්ල වී ඇතැයි වාර්තා වේ.

ලංකා බැංකු සේවක සංගමය විසින් හුදු වින්දනය සහ ආශ්වාදය වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක පෝස්ටර් ව්‍යාපාර සහ අත්පත්‍රිකා බෙදීම සදහා මාසිකව රුපියල් ලක්ෂ ගණනක් වියදම් කර ඇති බවටද අදාළ සාමාජිකයන් චෝදනා කර සිටී.

එම සංගමය ෆේස්බුක් ප්‍රචාර සඳහා ද මෙසේම විශාල මුදලක් වියදම් කර ඇති බවට ද චෝදනා එල්ලවී ඇත.

රාජ්‍ය බැංකු වල පැවති නිළවරණ වල දී ලංකා බැංකු සේවක සංගමයේ වත්මන් නිළධාරීන් බලයට පත්වීමේ දී බැංකු සේවක සංගමයක් ලබා දෙන සාමාන්‍ය පොරොන්දු අභිබවා ගොස්, ආණ්ඩුවක් බලයට පත් වීමේ දී ලබා දෙන ප්‍රමාණයේ දිරවාගත නොහැකි ආකාරයේ පොරොන්දු ගෝනියක් ලබාදී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

ඒ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා ඡන්දය දුන් බැංකු සේවකයින් අද වන විට දැඩි කලකිරීමට පත්ව සිටින බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් විමසීමක් කිරීමට අප ලංකා බැංකු සේවක සංගම් කාර්යාලයට ඇමතුමක් දෙමින් එහි ප්‍රධානීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment