කොළඹ මහ නගර සභාවේ ඩෙංගු තවාන !

කොළඹ මහ නගර සභාවේ ඩෙංගු තවාන !
සෞඛ්‍ය අමාත්‍යංශය ඩෙංගු මර්දනය වෙනුවෙන් නිවේදන නිකුත් කරමින් හා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියදී අප මේ පෙන්වා දෙන්නේ, කොළඹ මහ නගර සභාව විසින් නඩත්තු කරන ඩෙංගු තවානක් පිළිබඳවයි.
 
මෙම ඩෙංගු මදුරු තවාන පිහිටා ඇත්තේ ගංගාරාම විහාරස්ථානය අසල අතහැර දමන ලද ඉඩමක් තුළයි. වැදගත්ම කරුණ වන්නේ මෙම ඉඩම ආසන්නයේම කොළඹ නගර සභාවේ 02-බී දිස්ත්‍රික් කාර්යාලය ද පිහිටා තිබීමයි. මෙම ඉඩම පෞද්ගලික රෝහලක වාහන නවතා තැබීම සඳහා භාවිතා කළ අතර එය දැන් අත්හැර දමා  තිබේ. 
 
මේ නිසා සාමාන්‍ය වැස්සකදී පවා මෙම ඉඩම තුළට ජලය ගලාගෙන එ්ම සිදුවන බැවින් නිරන්තරයෙන් ජලය රැඳී පවතී. මේ අවට ගංගාරාම විහාරස්ථානය, ජිනරතන කාර්මික විද්‍යාලය, පාසැල්, රෝහල්, රාජ්‍ය ආයතන ආදී මහජනතාව නිතර ගැවසෙන ස්ථාන රැසක් ඇති බැවින් ඩෙංගු පැතිර යාමේ දැඩි අවදානම් කලාපයක් බවට පත්ව තිබේ. මෙම වසර තුළ පමණක් ඩෙංගු රෝගීන් එක්ලක්ෂ හැට එක්  දහසක් පමණ වාර්තා වූ අතර සෞඛ්‍ය වාර්තා අනාවරණ කරන පරිදි  වසරේ මුල් මාස හත තුළ පමණක්  ඩෙංගු රෝගයෙන් මිය ගිය ගණන 310 ඉක්මවා ගොස් ඇත. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුයේද කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙම වසරේදී වාර්තා වූ අතර නියගය පැවති ප්‍රදේශවලින්ද ඩෙංගු රෝගීන් වාර්තා විය. 
 
ඩෙංගු මර්දනය වෙනුවෙන් සෘජුවම ක්‍රියාත්මක වියයුතු පළාත් පාලන ආයතනවල ඒ සඳහා විශේෂ නිළධාරීන් පවා පත්කර ඇති පසුබිමක කොළඹ මහ නගර සභාව සිය ප්‍රාදේශීය කාර්යාලයක් අසලම මෙවැනි ඩෙංගු මදුරුවන් තවාන් දැමීම තුළින් ඩෙංගු රෝගය මර්දනය කිරීම වෙනුවෙන් සහ තමන්ට බදු ගෙවන නාගරික ජනතාව වෙනුවෙන් සිදුකරන කැපවීම මනාව පැහැදිලි වේ.
 
ආශිකා බ්‍රාහ්මණ
 
cmc 1
cmc 2
cmc 3
cmc 4
cmc 5
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment