මාතර ඉන්ධන අර්බුදය උග්‍රවෙයි

මාතර ඉන්ධන අර්බුදය උග්‍රවෙයි
මාතර නගරය තුල ඉන්ධන හල් දෙකක පමණක් මේ වනවිට ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලබන අතර, ඒ ලංකා ඛනිජතෙල් නීතිගත් සංස්ථාවට අයත් පිරවුම් හල් කිහිපයක් ද වේ. ඒවායේද මේ වනවිට ඉන්ධන අවසන්වෙමින් පවතින බව ඒවායේ හිමිකරුවන් පවසනවා.
 
ඉන්ධන ලබාදීමේදී ඒවා භාජන හෝ වෙනත් කෑන් සඳහා ලබාදීම වලකමින් චක්‍රලේඛයක් නිකුත්කර ඇතත් ඒවා සියල්ලම නොසලකා ජනතාව සහ ඉන්ධන හල් සේවකයන් ඉන්ධන ලබාදෙන ආකාරය මාතර දී අද දැකගැනීමට ලැබෙනවා. ඒ කෙසේ නමුත් ඉන්ධන ලබාදෙන පිරවුම් හල් තුල වාහන සදහා පෙට්‍රල් ලබාදීම සීමා කර තිබෙනවා. ඒ ජීප් රථ සදහා ලීටර් 30 ක් ද කාර් සඳහා ලීටර 20 ක් ද ත්‍රීවීල් සදහා ලීටර 3 ක් ද මෝටර් සයිකල් සඳහා ලීටර 2 ක් ද ලෙසයි.
                                                                              
මේ අතර මාතර නගරය තුළ වෙනදා මෙන් යතුරුපැදි, ත්‍රීවිල් හා වෙනත් පෙට්‍රල් වාහන ගමන්කිරීම බොහෝ සේ අඩුවී තිබෙනවා. මාතර අවට අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ, කැකනදුර, වැලිගම ආදී ප්‍රදේශවල පිහිටි බොහොමයක් ඉන්ධන හල් තුළ මේ වනවිට ඉන්ධන අවසන් වී තිබෙනවා.
 
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment