තෙල් අර්බුදය සැක සහිතයි, වහාම පරීක්ෂණයක් පවත්වන්න - එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර

තෙල් අර්බුදය සැක සහිතයි, වහාම පරීක්ෂණයක් පවත්වන්න - එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර
එක් තෙල් නැවක ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් මතුවී එය ප්‍රතික්ෂේප කළද මෙලෙස තෙල් අර්බුදයක් කිසිලෙසකින්වත් ඇතිවීම පිළිගත නොහැකි බවයි  මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ. කෙසේවෙතත් බාල තෙල් රට තුළට ගැනීමෙන් වැළකී සිටින්නට ආණ්ඩුවට හැකි වීම පිළිබඳව සතුටු වියයුතු බවද නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 
 
සිදුවූ මෙම තෙල් හිඟයේ වගකීම රජය භාර ගත යුතු අතර එය කිසියම් හෝ පාර්ශවයක් මත පටවා නිදහස් වීම යෝග්‍ය නොවන බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ දැනට වසර 50ක් පමණ පැරණි තෙල් පිරිපහදුව නවීකරණය කිරීම පිළිබඳවද රජය අවධානය යොමුකළ යුතු බවයි.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment