කෝටි 13 අධික කුඩු අල්ලයි.


2017 වර්ෂයේ මේ දක්වා කාලය තුළදී පමණක් කෝටි 13 කට අධික හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට සහ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපාරාධ දිසාවට හැකි වූ බවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් අතුගා දමන දිනය වැඩි ඈතක නොවන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

එසේම මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ කටයුතු මේ වන විට වෙනදාට වඩා ඉතා සූක්ෂ්ම හා විධිමත්ව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්  2017 ජනවාරි 01 වැනිදා සිට පහුගිය දෙසැම්බර් 27 වැනිදාවන විට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පමණක් රුපියල් 53,852,660.00 (කෝටි 5.3)ක් වටිනා හෙරොයින් ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති බවත් එය ප්‍රමාණාත්මකව ගත්විට ග්‍රෑම් 5,385.266ක ප්‍රමාණයක් වන බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම පසුගිය අගෝස්තු මාසයේ දී පිහිටවූ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ දිසාව හෙරොයින් ග්‍රෑම් 8,226.659ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 82,266,590.00 (කෝටි 8.2)ක් පමණ වන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව 2017 වසරේ මේ දක්වා කාලය තුළ 136129250.00 ක් වටිනා හෙරොයින් අත් අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ පිලිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

2017 ජනවාරි මාසයේ ඉන් දෙසැම්බර් 22 වෙනතුරු කාලය පුරා සිදුකරපු හෙරොයින් සම්බන්ධ වැටලීම් 285 ක දී සැකකරුවන් 303 දෙනෙකු අත් අඩංගුවට ගන්න පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවෙලා තියෙනවා.

ඒ වගේම තමයි අගෝස්තු මාසයේ පිහිටවපු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ දිසාව මඟින් වැටලීම් 160 කදී සැකකරුවන් 167 දෙනෙකු අත්අඩංගුවට ගෙන තියෙනවා. 

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම කියන්නේ එකිනෙක බැඳුණු කාරණා දෙකක්. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ  පාතාල ක්‍රියාකරම් බොහෝ දුරට එකම පිරිසක් විසින් තමයි සිදු කරන්නේ.

විදෙස් රටවල සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරවන ප්‍රධාන පෙළේ පාතාල නායකයින්අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මකයි.

මේ වැටලීම් අපි දිගටම කරනවා. ඒවා කාටවත් නවත්වන්නත් බෑ. මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි තුරන් කිරීමේ වැඩසිළිවෙල කාටවත් නවත්වන්න බෑ. ඒ දවස වැඩි ඈතක නෙවෙයි. අපි ඒ කටයුතු ඉතා විධිමත්මත්ව සිදුකරනවා. මේ ක්‍රියාදාමයට අතිගරු ජනාධිපතිතුමාගේ වගේම අගමැතිතුමාගේත් පූර්ණ ආශිර්වාදය හිමිවෙලා තියෙනවා යැයි අමාත්‍ය වරයා කීය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment