වැඩි මිලට පොල් දුන්නොත් අමතන්න - 1977


පසුගිය දිනවල කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක කළ වැටලීම්වලදී පාලන මිලට වැඩියෙන් පොල් අළෙවි කළ වෙළෙඳුන් 400 දෙනෙකුට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය නඩු පවරා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, පොල් මිල ඉහළ යාම සලකා බලා රජය පසුගිය දා පොල් ගෙඩියක් අළෙවි කළ යුතු උපරිම මිල රුපියල් 75 ක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවයි.

ඒ අනුව වැටලීම් ක්‍රියාත්මක අතර ඒ ඳෙහා පැමිණිලි 1977 යන දුරකථන අංකයට ලබා දිය හැකි බව ද එම අධිකාරිය පැවසී ය.

මේ අතර උත්සව සමයේ කළ වැටලීම්වලින් පාරිභෝගික නීති උල්ලංඝණය කළ වෙළෙඳන් 2000 කට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරියෙන් නඩු පවරා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment