ඒ සී රෙපයාර් කරන්න ඇවිත් සෙත්සිරිපායේ තට්ටු 13කින් වැටුණ තරුණයා


ඒ සී රෙපයාර් කරන්න ඇවිත්
සෙත්සිරිපායේ තට්ටු 13කින් වැටුණ තරුණයා

බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වැනි මහලින් වැටි ඊයේ (4) පස්වරුවේ එහි නඩත්තු අංශයේ සේවකයකු මිය ගියා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාකොළ පදිංචි එස්.පී. සඳරුවන් නමැති 21 හැවිරිදි තරුණයෙකි. මොහු කොම්පඤඤවීදිය ප්‍රදේශයේ
පුද්ගලික සමාගමකට

අයත් සේවකයකු බවත්. එම සමාගම විසින් සෙත්සිරිපයේ
නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව ද පොලිසිය කියයි.
මොහු ඊයේ පස්වරු 3.00ට පමණ එහි 13 මහලේ වායු සමීකරණ නඩත්තු කටයුත්තක නිරත වෙමින් සිටියදී එක්වරම පහළට ඇද වැටී ඇති අතර ඔහු වැටී ඇත්තේ 3 වැනි මහලේ විවෘත වහළ වෙත බව ද වාර්තා විය.
එම සේවකයා එම ස්ථානයේදීම මියගොස් තිබුණි.
තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.




Pix sent by -Nipuna Fernando
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment