පැරණි බොලිවුඩ් නළු ශෂී කපූර් අභාවප්‍රාප්ත වේ


 බොලිවුඩ් සිනමාවේ කලකට ඉහත ඉතා ජනප්‍රිය නළුවෙකු මෙන්ම, නිෂ්පාදකයෙකු වූ ශෂී කපූරු ඊයේ දිවියෙන් සමුගත්තා. මියයනවිට 79 වැනි වියෙහි පසුවූ  ශෂී කපූර් 2011 වසරේදී ඉන්දියාවේ ඉහළ සම්මානයක් වන පද්ම භූෂණ සම්මානයෙන්ද පිදුම් ලබා ඇති නළුවෙකි.

බ්‍රිතාන්‍ය ජාතික

රංගන ශිල්පිනියක වූ ජෙනිෆර් සමග විවාහ වී සිටි ඔහු වර්ෂ 1978 දී ඇය සමග එක්ව මුම්බායි ප්‍රවිති චිත්‍රපට ශාලාව බිහි කර තිබුණි.
බොලිවුඩයේ නමගිය කපූර් පවුලේ සාමාජිකයෙකු වන ඔහුගේ සහෝදර සහෝදරියන් වන්නේ රාජ්,ෂම්මි,නන්දි,ඩෙවි හා උර්මිලාය. ඔහුගේ දරුවන් වන්නේ කරන්,සංජන,කුනාල්ය. රන්දීර් කපූර් ද ඥාතියෙකි.
දීවාර් සහ කබී කබී වැනි අතීතයේදී වඩාත් ජනාදරයට පාත්‍ර වූ සිනමා නිර්මාණයන්ට දායක වී ඇත.
මුබ්බායි නුවර  අම්භානි රෝහලේදී මියගිය ශෂී කපූර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05දා) උදය වරුවේ පැවැත්වෙන බව වාර්තාවේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment