අයවැය බියර් සහනය ගැන ජනපතිගේ නොසතුට පළවේ


අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළ බියර් සම්බන්ධයෙන් සහන දීම සුදුසු වන්නේ නැති බව ජනපති. මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ

සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අදාළ අය වැය තෙවැනි වර කියවීමේ කාරක සභා අවස්ථාවට අද පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් එසේ කීවේය.

‘ඒවාට ඇබ්බැහි වීමෙන් ජනතාව වැළැක්විය යුතුයි. රජයක් විදියට ආදායම් ලබා ගැනීමේදී රාජ්‍ය ආදායම වර්ධනය කිරීමට මත්පැන්, සිගරට් වලින් එන ආදායම් කිසිසේත්ම බලාපොරොත්තු නොවිය යුතුයි කියන පැහැදිලි ප‍්‍රතිපත්තිය මත පිහිටිය යුතුයි. ඒ වගේම විදේශවලින් ගෙනෙන සිගරට් සම්බන්ධයෙන් කිසිසේත්ම අපට එකඟවෙන්න බැහැ. එය සුදුසු දෙයක් නොවෙයි. සෞඛ්‍ය ඇමතිතුමා සඳහන් කළ ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් අපිට ලැබී තිබෙන සම්මාන ගෙවී ගිය වසර දෙකක තුනක කාලය ලෝකයේ කිසිම රටකට ලැබී නැහැ. එහෙම ලැබී තිබෙන්නේ අපේ ප‍්‍රතිපත්තියේ තිබෙන ගුණාත්මකභාවය නිසයි‘ යැයි ද ජනපති කීය.

‘මේ ආණ්ඩුව දුප්පත් ජනතාවගේ හෘද ස්පන්දනය තේරුම්ගෙන කටයුතු කරන ආණ්ඩුවක්. රජයක් විදියට පොදු ජනතාව කියන වචනය භාවිතා කරනවා වගේම ප‍්‍රමුඛතාවය දිය යුත්තේ දුගී ජනතාවට‘ බවද ජනපති වැඩිදුරටත් කීවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment