එස්එම්එස් ලව් එක ගැන පොලිසියට ගෙන්වා ප්‍රශ්න කරද්දී බ්රේක් ඔයිල් බීලා


තම සැමියාගේ ජංගම දුරකථනයට වෙනත් කාන්තාවක්‌ විසින් කෙටි පණිවුඩ එවීම ගැන සැමියාගෙන් විමසූ විට එයට උරණ වූ සැමියා බිරිඳට අමානුෂික ලෙස වධහිංසා සිදුකිරීම පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන්
අනතුරුව පොලිසියට පැමිණි අවස්‌ථාවේ සැමියා විසින් බ්රේක්‌ ඔයිල් පානය කිරීමේ සිද්ධියක්‌ පසුගියදා වරකාපොල පොලිසියෙන් වාර්තා වෙයි.


මෙසේ බ්රේක්‌ ඔයිල් පානය කර ඇත්තේ වරකාපොල කෝදාපාළුව ගමේ පදිංචිකරුවකු වන අතර ඔහුව ප්‍රතිකාර ගැනීම සඳහා වරකාපොල රෝහලට ඇතුලත් කර ඇත. කෙටි පණිවුඩ එවීම ගැන බිරිඳ සමඟ ඇතිකර ගත් ආරවුල මත බිරිඳට පහරදී තෙල් හැන්දක්‌ රත්කර තමාගේ දෙපා තුල රත්කළ තෙල් හැන්ද තබා පුළුස්‌සා තුවාල සිදුකළ බවට ඇය විසින් වරකාපොල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැමියා පොලිසියට ගෙන්වා ඇත.

දෙපාර්ශවයම ගෙන්වා පැමිණිල්ල විභාග කිරීමට සූදානම්වූ අවස්‌ථාවේ සැමියා විසින් ඔහු සන්තකයේ සඟවාගෙන තිබූ බ්රේක්‌ ඔයිල් බෝතලයක්‌ එකපාරටම කටේ හලාගෙන පානය කළ බව පොලිසිය කියයි. එම අවස්‌ථාවේම පොලිස්‌ නිලධාරීන් විසින් ඔහුව වරකාපොල රෝහලට ඇතුලත් කර ඇති අතර බිරිඳට සිදුකළ අමානුෂික වධහිංසා සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන වරකාපොල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ උපපොලිස්‌ පරීක්‍ෂක කුලතුංග කාන්තා පොලිස්‌ පරීක්‍ෂක වනිගසේකර යන නිලධාරීන් විසින් පවත්වනු ලබයි.

වරකාපොල - සරත් ආනන්ද ලියනගේ


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment