ජෙයරාජ් මරන්න 15 ඇග්‍රි වෙලා දුන්නෙ 7 1/2 පොලිස් අධිකාරී කෙනෙක් කියලා


ජෙයරාජ් මරන්න 15 ඇග්‍රි වෙලා දුන්නෙ 7 1/2 
පොලිස් අධිකාරී කෙනෙක් කියලා

2008 වසරේ වැලිවේරිය කාන්ති ක්‍රීඩා පිටිය අසල දී මරාගෙන මැරෙන එල් ටි ටි ඊ බෝම්බකරුවෙකුගේ
ප්‍රහාරයකින් ජෙයරාජ් අමාත්‍යවරයා ඇතුළු 16 දෙනෙකු ඝාතනයට ලක්වූ සිද්ධියට අදාළ නඩුව අධිකරණයේ විභාග වන අතර විශේෂ කාරණාවක් හෙළිවී තිබේ.
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරයා ඝාතනය කළාට රුපියල් ලක්ෂ 15ක් ලැබිය යුතු වුවත්, ලැබුනේ
ලක්ෂ හත හමාරක් පමණක් බව
එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ තමන්ට ප්‍රකාශ කළ
බව හිටපු කොටි සාමාජිකයෙකු වූ මොහොමඩ් අලි හසන් අන්සාර් නැමැත්තා අධිකරණය ඉදිරියේ සාක්ෂි
දෙමින් පවසා තිබෙයි.
මෙම ඝාතනයට අදාළව චෝදනා 31ක් යටතේ ත්‍රස්ත නායකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් හෙවත් මොරිස්
නැමැත්තා, එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ, කොටි සාමාජිකයෙකු වූ තම්බයියා
ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන තුන්දෙනාට නීතිපතිවරයා අධි චෝදනා ගොනුකර තිබෙනවා.

පසුගියදා මෙම නඩුවේ සාක්ෂි විභාගයේ දී සාක්ෂි දුන් හිටපු කොටි සාමාජික අලි හසන් අන්සාර් මෙසේ
කියා ඇත.
"ත්‍රස්තවාදී ක්‍රියාවකට මා අත්අඩංගුවට පත්ව තිබුනා.2007 වසරේ දී මා ත්‍රස්ත විමර්ශන කඳවුරට
යොමු කරන විට මොරිස් අත්අඩංගුවට පත්ව එහි සිටියා. මම මොරිස් හා මිත්‍ර වුනා. ලක්ෂ්මන් කුරේත් එහි
සිටියා."
"ඔවුන් මා හා පෞද්ගලික දේවල් හා හැමදේම කිව්වා. ඇමති ජෙයරාජ් ඝාතනය ගැනත් කතා කළා.
ඇමති ඝාතනය කළේ සත්‍යම් නමැති කොටි සාමාජිකයා බවත් ඔවුන් කිව්වා."
"ජෙයරාජ් ඇමතිවරයා ඝාතනය සම්බන්ධයෙන් මුදල් ගනුදෙනුවක් වූ බවත් කිව්වා.මොරිස් කිව්වා ඔහුට ලක්ෂ
15ක් ලැබුනා කියලා. මට ලක්ෂ හතහමාරයි ලැබුනේ කියා ලක්ෂ්මන් කුරේ කිව්වා. එහෙම තමයි අපේ
වැඩ කියා මොරිස් එවිට කිව්වා."
නඩුව නැවත ලබන ජනවාරි 09 හා16 කැඳවීමට නියමිතයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment