230 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 383 දෙනෙකු විසිර යති

230 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 383 දෙනෙකු විසිර යති
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වැඩබලන ආඥාපති සහ පුහුණු විධායක, කොමාණ්ඩර් (නාසෙ) වජිර අබේරත්න මහතා ඇතුලු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ යුද හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.
 
ඉතා ආකර්ශණිය සරඹ සංදර්ශනයකින් සමන්විත වූ මෙම විසිරයාමේ පෙළපාලියේදී තම මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රදානයද සිදු කෙරිණි. එහිදී 230 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා වශයෙන් ආධුනික නාවික එස්.සී. බණ්ඩාර කුසලාන හිමි කර ගන්නා ලදී. සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නාවික එස්.එම් විජේසිංහ කුසලාන හිමිකර ගත් අතර, ආධුනික නාවික ඩී.එම්.එස්.ඩී දුණුසිංහ හොඳම ඉලක්කකරුට හිමි කුසලානයට හිමිකම් කීවේය. මීට අමතරව ආධුනික නාවික ජී.ටී.පී.ටී. විජේසිංහ හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනාගන්නා ලදී.
 
සේයා රූ - ධනංජය සෙනෙවිරත්න
 
navy 1
navy 2
navy 3
navy 4
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment