ඒකාබද්ධ විපක්ෂය තුල ඩලස් අලහප්පෙරුම හා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරුන් වෙත පවරා තිබු රාජකාරි වලින් වහාම ඉවත් කිරීමට පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියා වන බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇතැයි එකාබද්දයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ඩලස් අලහප්පෙරුම හා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරුන් ශ්‍රීලනිප - ඒකාබද්ධ සමගි සන්ධානයක් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය තුල අභ්‍යන්තර අරගලයක නිරතවූ දෙදෙනෙකු ලෙස සැලකෙන අතර එය බැසිල් රාජපක්ෂ මහතාගේ උදහසට හේතුවී තිබේ.
ඒ අනුව, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වෙත පවරා තිබු ප්‍රචාරක කටයුතු බාර ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ මහතා උදය ගම්මන්පිල මහතාගෙන් ඉල්ලීමක් කර ඇතත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.
එසේම, මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රහසිගත සම්බන්ධතාවයක් පවත්වන බවට තොරතුරු ලැබී ඇතැයි පවසා ඇති බැසිල් රාජපක්ෂ මහතා, ඔහුට විස්වසනීය වගකීමක් නොපවරවන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපදෙස් දී ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment