මාතලේ රැසක් මෛත්‍රීට : එජාපය සහ ඒකාබද්ධය අනතුරේ.


එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ පිල් මාරුකිරීම් පිළිබඳ මාතලේ දිස්ත‍්‍රික්යේ ප‍්‍රාදේශිය සභා රැසක හිටපු මන්ත‍්‍රිවරු රැසක් රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ඇති කරගත් කලකිරීම් මෙන්ම පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයන් හිමි නොවු පුද්ගලයින් ද වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මාතලේ දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අලුතෙන් පත්වු සංවිධායකයකු කියා සිටියේ නොදුරේදීම එක්සත් ජාතික පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ විශාල පිරිසක් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පලකිරීමට නියමිතය.

මේවන විටත් දිර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් නොදුරේම එම පිරිස විවෘත ප‍්‍රකාශයන් සිදුකර ජනපති සහාය පලකිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

මාතලේ,විල්ගමුව,නාඋල සහ පල්ලේපොළ ප‍්‍රාදේශිය සභාවන් හි හිටපු මන්ත‍්‍රිවරුන් රැසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment