අද (03) තරගයේ දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මුව ආවරණ පැළඳගෙන පන්දු රැකීමට පැමිණි අතර තරග ආවරණයේ යෙදී සිටින විස්තර විචාරකයන්ට ක්‍රීඩකයන් හඳුනා ගැනීම ද අපහසු විය.
වේග පන්දු යවන්නන් වන සුරංග ලක්මාල්, ලහිරු ගමගේ සහ ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම සහ තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අයහපත් ශරීර සෞඛ්‍ය තත්වය හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර අවසානයේ පන්දු රැකීම සඳහා පිටියේ සිටි ක්‍රීඩකයන් ප්‍රමාණවත් නොවීය.
විටින් විට තරගය සඳහා බාධා එල්ල වූ අතර අවසානයේ ඉන්දීය නායක විරාට් කෝලි සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරණය සඳහා අවස්ථාව ලබාදුන්නේය. කෙසේ වෙතත් ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් පිතිකරණයට නොපැමිණි අතර දිමුත් කරුණාරත්න සමග දිල්රුවන් පෙරේරා ඉනිම ආරම්භ කරනු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකා ආරම්භය එතරම් යහපත් නොවූ අතර පළමු පන්දුවේදීම දිමුත් කරුණාරත්න දවාගැනීමට මොහමඩ් සාමි සමත් විය. ඉන් පසු ලකුණු 14 දී ධනංජය ද සිල්වා එක් ලකුණකට දැවී ගිය අතර මේ වනවිට දිල්රුවන් සමග ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ලේ රැඳී සිටී. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලබාගෙන ඇත්තේ ලකුණු 18 ක් පමණි.
ඉන්දීය ඉනිම අතරමග නතර කරන විට කඩුලු 07 කට ලකුණු 536 ක් රැස් කරගෙන තිබිණි.
0 comments :
Post a Comment