දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙ අංශ හා ප‍්‍රාදේශීය කාර්යාල 35ක් විසින් එසේ බදු මුදල් වාරික වශයෙන් ගෙවීම සඳහා අවසර ලබා දී තිබුණ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
දේශීය ආදායම් පනතට පටහැනිව මහේස්ත‍්‍රාත්වරයකුගේ අවසරයකින් තොරව බදු නොගෙවා පැහැර හරින ලද පුද්ගලයන් 912 දෙනකුට අවසර ලබා දීම පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ බදු අය කර ගැනීමේ අංශයේ ඉහළ පෙළේ නිලධාරීයකු සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් ප‍්‍රකාශ කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මහා පරිමාණයෙන් බදු මුදල් නොගෙවා පැහැර හරින බදුකරුවන්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමේ දී මහේස්ත‍්‍රාත්වරයකුගේ තීරණය මත පමණක් එසේ වාරික වශයෙන් ගෙවිය හැකි වුවත් ඇතැම් නිලධාරීන් බදු නොගෙවා පැහැර හරින්නන්ගේ විවිධ වරප‍්‍රසාද ලබා ගනිමින් පනතේ විධි විධානයන්ට පටහැනිව බදු මුදල් වාරික වශයෙන් අය කිරීමට කටයුතු කරන බවය.
එසේ බදු නොගෙවා පැහැර හරින්නන්ට වාරික වශයෙන් බදු ගෙවීම සඳහා ඉඩ සලසාදීම රාජ්‍ය ආදායම් කළමනාකරණයට අහිතකර ලෙස බලපාන බව ද එම නිලධාරියා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
http://sathhanda.lk
0 comments :
Post a Comment