මෙවර තැපැල් ඡන්ද වෙනම ගණන් නොකෙරේ

මෙවර මැතිවරණයේදී වෙනත් මැතිවරණවලදී මෙන් තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම නිකුත් නොකිරීමට
මැතිවරණ කොමිෂන් සභාව

තීරණය කර තිබේ.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත අදාළ කොට්ඨාසයේ තැපැල් ඡන්ද පත්‍රිකාද යවන බවත්, ඒ පත්‍රිකා ගණන හා ඡන්ද විමසීමේ දිනයේ ඡන්ද පත්‍රිකා වෙන වෙනම ගණන් කර දිස්ත්‍රික් ප්‍රතිඵලයක් ලෙස සමස්ත ප්‍රතිඵලය පමණක් නිකුත් කරන බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (26) පැවැසීය.
ඡන්ද ප්‍රතිඵලවල රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස මෙම තීරණයට එළැඹ තිබේ.
පළාත් පාලන මැතිවරණයට අදාළව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද දේශප්‍රිය මහතා මේ කරුණු අනාවරණය කළේය.

ගයාත්‍රි ගීගනආරච්චි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment