රට පුරා අද තැපැල් විරෝධතා


තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීමේ පටිපාටිය විධිමත් කරන බවට බලධාරීන් කිහිප අවස්ථාවකදීම
ලබාදුන් පොරොන්දු දිගින් දිගටම

කඩකිරීම නිසා අද (27දා) දිවයින පුරා ප්‍රධාන නගරවල විරෝධතා පවත්වන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු කේ.ආර්. වර්ණකුලසූරිය මහතා පැවැසීය.

මීට ඉහතදී සිදු කරන ලද සාකච්ඡාවලදී සති දෙකක කාලයක් තුළ විසඳුම් ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුවද මේ වනවිට කඩකර ඇති නිසා මෙම තීරණය ගත් බව වර්ණකුලසූරිය මහතා පැවැසීය.

මේ තත්ත්වයන් විසඳීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකා බෙදා හැරීමටද බාධා එල්ලවිය හැකි යැයිද වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.

ගාල්ල - එච්. පරණවිතාන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment