සතුන් වත්තේ නත්තල් ආදායම ලක්ෂ දහහතරයි


දෙහිවල සත්වෝද්‍යානය දිවා රාත්‍රී දෙකෙහිම විවෘත කිරීම නිසා පසුගිය 24 හා 25 දෙදින තුළ රුපියල් ලක්ෂ දහහතරක ආදායමක් උපයා ඇතැයි දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී
මහත්මිය පැවැසුවාය.

කළ විමසීමේදී ඇය වැඩිදුරටත් පැවැසුවේ පාසල් නිවාඩු සමය ආරම්භ වීමත් විශේෂයෙන්ම නත්තල් නිවාඩුව සහ අ‍පොස (සාමාන්‍ය පෙළ) විභාග කටයුතු අවසන් වීමත් හේතුවෙන් නරඹන්නන් ප්‍රමාණය ඉහළ යාමෙන් ආදායම වැඩිවී ඇති බවයි.
මීට පෙර සාමාන්‍ය දිනකදී ආදායම ලක්ෂ දෙකක් වන අතර සති අන්තයේ එම ආදායම ලක්ෂ හතරක් පමණ වන බවද ඇය කීවාය. ඇය පැවැසුවේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 6.30 සිට රාත්‍රී 10 දක්වා දෙහිවල සත්වෝද්‍යානය විවෘතව පවතින බවයි. රාත්‍රී කාලයේදී ටිකට් පතක මිල වැඩිහිටියකු සඳහා රුපියල් 200 ක් සහ ළමයකුට රුපියල් 100 ක් වන බවද ඇය කීවාය.

තනුජා නානායක්කාර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment