"ආවා'' කල්ලියට උපදෙස් ලැබෙන තැන සොයාගනී.



යාපනයේ ක්‍රියාත්මක  ''ආවා'' කල්ලියට ආධාර අනුබල හා උපදෙස් ලැබී ඇත්තේ කුමණ පාර්ශ්වයකින්දැයි පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව ස්විස්ටර්ලන්තයේ සිටින සංවිධානාත්මක දෙමළ කල්ලියකින් මෙම උපදෙස් ලැබී ඇති බවටයි හෙළි වී ඇත්තේ.

යාපනයේදී මීට දින කීපයකට ඉහතදී අත්අඩංගුවට පත් වූ  ''ආවා'' කල්ලියේ නායකයෙකුගෙන් කල ප්‍රශ්න කිරීමකදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ස්විස්ටර්ලන්තයේ සිටින එම කල්ලිය එල්.ටී.ටී.ඊ.සංවිධානය වෙනුවෙන් තවමත් මුදල් එකතු කිරීමේ කටයුතුවල නිරත වන බවටද පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

ස්විස්ටර්ලන්තයේ සිටින සංවිධානාත්මක දෙමළ කල්ලියේ සාමාජිකයන් දෙදෙනෙකු මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද මෙහිදී පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එල්.ටී.ටී.ඊ.මහවිරු සැමරීම් උළෙලට පැමිණි ඔවුන් දෙදෙනාගේ නම් පවා අත්අඩංගුවේ සිටින ''ආවා'' කල්ලියේ නායකයා පොලීසියට හෙළි කර ඇති අතර ඔවුන් ''ආවා'' කල්ලියට මුදලින් ආධාර කළ බවද පවසා තිබෙනවා.

ස්විස්ටර්ලන්තයේ සිටින කල්ලිය, යාපනයේ ''ආවා'' කල්ලියේ ප්‍රසන්තන් නැමති සාමාජිකයා සමග සම්බන්ධකම් පවත්වන බවත් ඔහු ලබා දෙන උපදෙස් මත ''ආවා'' කල්ලිය කටයුතු කරන බවත් අත්අඩංගුවේ සිටින ප්‍රධාන සැකකරු පොලීසියට තොරතුරු හෙළි කර තිබෙනවා.

නමුත් මේ ප්‍රසන්තන් නැමැති පුද්ගලයා තමන් කිසි දිනක දැක නොමැති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment