ඉන්දීය නායක විරාත් කෝලි සිය ටෙස්ට් දිවියේ හයවැනි ද්විත්ව ශතකය වාර්තා කරගැනීමට අද සමත් වූ අතර එය ඔහු පිටපිට වාර්තා කළ දෙවැනි ද්විත්ව ශතකයයි. ඔහු පළමු තරගයේදීද ද්විත්ව ශතකයක් වාර්තා කළ අතර ඔහුගේ ද්විත්ව ශතක හයම නායකයා ලෙස කටයුතු කරමින් වාර්තා කිරීම ද විශේෂත්වයකි. එමෙන්ම 2011 වසරේදී ටෙස්ට් වරම් දිනාගත් කෝලි ද්විත්ව ශතක සියල්ලම රැස් කරගෙන ඇත්තේ පසුගිය මාස 17 ක කාලය තුළදීය.
මෙම ශතකය කෝලිගේ 20 වැනි ශතකය ද වන අතර ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ පස්වැනි ශතකයයි.
කෝලිට අමතරව මුරලි විජේ (155) ශතකයක් වාර්තා කළ අතර ඔවුන් දෙදෙනා අතර තුන්වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 283 ක් විය. කෝලි සමග කඩුල්ලේ රැඳී සිටින රෝහිත් ෂර්මා ලකුණු 43 ක් වාර්තා කරගෙන සිටී.
0 comments :
Post a Comment