වෙනිසියුලානුවන්ගේ ‘ඌරු මස් විප්ලවය“

වෙනිසියුලානුවන්ගේ ‘ඌරු මස් විප්ලවය“

රටේ වීදි පුරා, සමාජ ජාලා පුරා ‍වෙනිසියුලානු තරුණ පිරිස් මෙන්ම බාල මහලු අනෙක් සියල්ලෝමද මෙම ඌරු මස් විප්ලවය සදහා එක් වී සිටියහ. සිය සාම්ප්‍රදායික නත්තල් කෑම මේසය මෙවර තමන්ට අහිමි කළ බවට සියලු ආකාරයේ විරෝධතා මගින් කෝපාවිෂ්ට වැසියෝ සිය රජයට චෝදනා කරන ලද අතර එහිදී රටේ ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවට ඔවුහු හඬ නැගූහ.

‘‘අපට ඕනෑ හොඳ ඌරු මස්!“

‘‘ජනපති අපේ නත්තල උදුරා ගත්තා‘‘

‘‘අපේ කුසගින්නට ජනපති වගකිව යුත්තා!‘‘

ආදී සටන් පාඨ කියමින් ඔවුන් වීදි පුරා අරගල කළහ.

විශේෂයෙන්ම නත්තල් සමය තු‍‍ළ ඌරු මස් සහ සොසේජස් සිය ආහාර වේලේ සුවිශේෂීම කොටස බවට පත් කරගෙන සිටීම වෙනිසියුලානු ජනතාවගේ සංස්කෘතියේ කොටසකි. රට තුළ ඌරු මස් නිපදවීමට එතරම් හැකි නොවුවද පෘතුගාලය ඇතුලු රටවල් වලින් ඔවුහු වෙනිසියුලාවට ආනයනය කළහ.

අනෙකුත් ලතින් ඇමරිකානු රටවල් මෙන්ම ඌරන්ගේ කකුල් ආහාරයට ගැන‍ීමට වෙනිසියුලානු ජනතාව ඉතාමත් ප්‍රියතාවයක් දක්වයි.

ජනා‍ධිපති නිකොලස් මඩුරෝ මෙවර නත්තල සදහා ජනතාව වෙත ලබාදුන් ‘ඌරු මස් පොරොන්දුව“ ඉටු කරන්නට නොහැකි වීම ගැන දොස් පවරන්නේ පෘතුගාලයටය.

පෘතුගාලය විසින් වෙනිසියුලාව නොසන්සුන් කිරීමේ අරමුණින් ප්‍රමාණවත් තරම් මස් තමන් වෙත නොඑවූ බව ද මඩුරෝ කියා සිටියි. නමුත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මේ වැය බර දැරීමට තරම් රටට ආර්ථික හැකියාවක් නොමැතිවීම ගැන මඩුරෝ ජනපති වරයා අසල්වැසි රටවලට දොස් නැගීම සාධාරණ නොවන බවයි.

මේ අතර වෙනිසියුලාවට මීට පෙර ඌරු මස් අපනයනය කළ පෘතුගාල සමාගමක් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ වෙනිසියුලාව තමන්ගේ ණය පියවා නැති බවයි.

- හංසනී සම්පත්

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment