හමුදා සාමාජිකයන්ට දේශපාලනය නොකරන ලෙස යුද හමුදාපති ඉල්ලයි.


දේශපාලන මතවාදයක් පෞද්ගලිකව පැවතියද කිසිදු යුද හමුදා සාමාජිකයෙකු දේශපාලන කටයුතු වල නිරත නොවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මුලතිව් පලාතේ යුද හමුදා සේනාංක අමතමින් ප්‍රකාශ කර තිබේ.

යුද හමුදාපතිවරයා මේ බව පවසා ඇත්තේ පෙරේදා (01) මුලතිව් ආරක්ෂ සේනාංක මුලස්ථානයේදී හමුදා සේනාංක අමතමිනි.

රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම යුද හමුදාවේ වගකීම බවත් තමන්ට පැවරී ඇති ආරක්ෂක කටයුතු ඉතා නිවැරදිවත් වගකීමකින් යුතුවත් ඉටු කිරීම හැරෙන්නට දේශපාලන කටයුතු වලට මැදිහත් නොවීමට වග බලා ගන්නා ලෙසද යුද හමුදා පතිවරයා මෙහිදී ඉල්ලීමක් කොට තිබේ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කැපවී සිටින යුද හමුදාව විනය ආරක්ෂා කරගනිමින් ප්‍රදේශයේ සියළු ජනතාව සමඟ ඉතා සුහදව කටයුතු කිරීමත් ජාතීන් අතර සංහිදියාව ගොඩනැගෙන අන්දමේ කටයුතුවලට දායක වීම මිස දේශපාලන කටයුතු වල නියැලීමෙන් වළකින මෙන්ද ප්‍රකාශ යුද හමුදාපතිවරයා කොට තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment