රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූම් මහතාගේ සහ පවුලේ ඥාතීන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පාසල් දරුවන් 750 කට පාසල් උපකරණ සහ බේරුවල ආසනයේ ශිෂ්‍යත්වය සමත් දරුවන් 61 කට පදක්කම් සහ ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත්ගම දර්ගා නගරය සහිරා විද්‍යාලයේ දී ඊයේ (02) පස්වරුවේ දී පැවැත්විනි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.
දර්ගා නගරයේ රාජිත සේනාරත්න අධ්‍යාපන කේන්ද්‍රය විසින් මෙය සංවිධානය කළ අතර, එය 03 වන වරට පැවැත්විණි. මෙහිදී අලුත්ගම වීදියේ මුස්ලිම් බාලිකා විද්‍යාලයේ අභ්‍යන්තර ශබ්ද විකාශන යන්ත්‍රය සකස් කිරීම සදහා රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් ද පරිත්‍යාග කෙරිණි. තවද අඹගහ හන්දියේ ප්‍රඥාරාම විහාරස්ථානයට මුල්‍ය පරිත්‍යාගයක් ද සිදු කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
'අපේ ජීවිතවලට සහජීවනය ඇතිවුනේ බේරුවල සිටින කාලයේයි. ඉන්පසු කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ දී මුස්ලිම් ජාතික දරුවන් සමග එකට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා වුනා. 1956 වනවිට අපේ රටේ විවිධ ජාතීන් වෙනුවෙන් විද්‍යාල බිහි වී තිබුනේ නැහැ. එම නිසා ජාතික සහජීවනයක් තිබුනා. පසුකාලීනව එම නිවැරදි අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වී විවිධ ජාතින් වෙනුවෙන් විද්‍යාල බිහි වුනා. එම නිසා තමයි සහජීවනය අවම වුනේ. අපි සියලු දෙනාම මිනිසුන්. නමුත් ජාතිය, ආගම පළමු තැනට ගෙන මිනිසත්කම ඉවත දානවා. ආගමික අන්තවාදීන් බිහි කරනවා. එම නිසා රටවල් විනාශයට පත් වෙනවා. මෙම අන්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදවා ගත යුතුයි. ජනවාරි 08 පොරොන්දුව එයයි.'
'පසුගිය රජය සමයේ දී සුලු ජාතීන් දෙවන තැනට දමා තිබුනා. ඒ කාලයේ පාලකයෝ හිතුවේ සුලු ජාතීන් තමන් ලගට ඇවිත් උපකාර ලබාගත යුතු බවයි. මම මේ පිළිබදව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කරුණු පැහැදිලි කළේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යා සහ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩලාගේ චරිත උදාහරණයට ගනිමින්. මට අවශ්‍ය වුනේ හිටපු ජනාධිපතිවරයා ආසියාවේ නෙල්සන් මැන්ඩලා කිරීමටයි. නමුත් එතුමා තෝරා ගත්තේ රොබට් මුගාබේගේ චරිතයයි. නෙල්සන් මැන්ඩලා ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයෙක්. නමුත් රොබට් මුගාබේ ආර්ථීකය කොල්ල කාලා ජනතා සිතුම් පැතුම් බොද කළා. පසුගිය දිනවල රෝබට් මුගාබේ බලයෙන් පහ කර හමුදාව බලය ඇල්ලුවා. කිර්තිමත් මනුස්සයෙක් අවසන් ගමන් ගියේ එහෙමයි. කිර්තිමත් ගමනක් යෑම සදහා සහජීවනය ඉතාම අත්‍යාවශ්‍යයයි. අන්තවාදයෙන් රටවල් සංවර්ධනය වන්නේ නැහැ. අන්‍ය ආගම් වලට ද ගරු කළ යුතුයි. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගිය යුතුයි. වර්තමානයේ මූලධර්මවාදීන් නිසා මැද පෙරදිගත් විනාශයට පත්වෙනවා. නමුත් අන්තවාදී අදහස් විද්‍යාවෙන් බොරුවක් බව ඔප්පු කර තිබෙනවා.'
0 comments :
Post a Comment