සහල්වලින් මත්පැන් නිෂ්පාදනයට අනුමැතිය ලබාදී නැහැ - මංගල

සහල්වලින් මත්පැන් නිෂ්පාදනයට අනුමැතිය ලබාදී නැහැ - මංගල
මේ වනවිට මත්පැන් නිෂ්පාදනය කරන ස්කාගාර 14 මෙරට ඇති බවත් එම කිසිදු ස්කාගාරයකට සහල් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීමට අනුමැතිය ලබා දී නොමැති බව අදාල නිවේදනයේ සඳහන් වේ. මේ වනවිට පොල් රා, තල් රා, පළතුරු වැනි අමුද්‍රව්‍ය මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන අතර මෑතකදී බඩඉරිඟු අමුද්‍රව්‍යයක් ලෙස බාවිතා කිරීම සඳහා අවසර ලබා දී තිබේ.
 
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය 2006 වසරේදී සහල් මත්පැන් නිෂ්පාදනය කරන අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බව ද සමරවීර මහතා පවසයි.
 
2018 අයවැය තුළින් එතනෝල් නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය සඳහා නව බද්දක් යෝජනා කර ඇති අතර එ් අනුව සෑම අමුද්‍රව්‍ය ලීටරයක් සඳහාම රුපියල් 05 සිට 10 දක්වා අතර මුදලක් රජයට බදු ලෙස ගෙවිය යුතුය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment