ලූෂන් පුෂ්පරාජ් ඇමරිකානු Mr & Ms Atlas and Fitness Expo – 2017 තරගයට සූදානම්

ලූෂන් පුෂ්පරාජ් ඇමරිකානු Mr & Ms Atlas and Fitness Expo – 2017 තරගයට සූදානම්
දෙසැම්බර් 09 වැනිදා මෙම තරගාවලිය පැවැත්වෙන අතර ලූෂන් පුෂ්පරාජ් මේ වනවිට සිය අවසන් පුහුණුවීම්වල නිරතව සිටී. එහිදී ඔහුට, අටවතාවක් Mr.Olympia ලෙස කිරුළ පැළඳි Ronnie Coleman නමැති ලෝකපූජිත කායවර්ධන ක්‍රීඩකයාගේ කායවර්ධන මධ්‍යස්ථානයෙහි අවසන් අභ්‍යාසවල නිරතවීමේ අවස්ථාව හිමිව ඇති අතර ඔහු පවසන්නේ එය තමන්ට හිමි වූ අගනා අවස්ථාවක් බවයි.
 
මෙම තරගාවලිය සඳහා ඇමරිකාව ඇතුළු රටවල් 08 ක ප්‍රකට කායවර්ධන ශූරයන් සහභාගිවීමට නියමිත අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඒ සඳහා සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.
 
ලූෂන්ගේ මෙම සංචාරය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ රියෝකොකෝ ලංකා පුද්ගලික සමාගම (Riococo Lanka (Pvt) Ltd) හා ටෙක්සාස්හි සේහින්ස් ලින්ක් ජාත්‍යන්තර සමාගමයි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment