පෙරේදා 13 කොටදෙණියාවේ සුළිසුළඟට නිවාස 650 ක් අබලන්

පෙරේදා 13 ගම්පහ කොටදෙණියාව ඇතුළු ප්‍රෙද්ශ කිහිපයක් හරහා හමාගිය සුළි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 650කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුවූ අතර ඒවා යළි පිළිසකර
කිරීම සඳහා අවශ්‍ය පියවර

ගන්නන්යි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. දික්ලන්ද හා කටුකෙන්ද අවතැන්වු අය බලන්නට ගිය ඇමතිවරයා අවතැන්ව සිටින පවුල් සඳහා කුඩාරම් සරුපයීමවත් පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය. රජය මගින් ක්‍රියාත්මක කර ඇති ජනතා රක්‍ෂණ වැඩපිළිවෙළ යටතේ සියලූ හානි සඳහා
වන්දි ලබා දීමට පියවර ගනු ඇත.
පසුගිය 12 වැනිදා සවස වැස්සත් සමග ඇතිවු මෙම දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කොටදෙණියාව,වල්පිට, අගලෙගෙදර, හීරළුගෙදර, කුඩගම්මන, දොඹවීන්න, මැල්ලවගෙදර, කටුකෙන්ද දික්ලන්ද ආදී ගම්මාන රැසක නිවාස හා දේශපාළ විනාශ විය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment