මෛත්‍රිගේ ධූර කාලය 6 නොවේ 5 යි - ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි


මෛත්‍රිගේ ධූර කාලය
6 නොවේ 5 යි

- ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

පසුගිය දිනවල කථාබහට ලක්වූ ජනපති ධුර කාලය පිළිබඳ තීන්දුව ඊයේ (14) ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දැනුම් දෙනු ලැබූ අතර තවම ප්‍රකාශයට පත් කර නැතත් නිල නොවන ආරංචි අනුව වාර්තා වන්නේ 19 වන සංශෝධනය
ප්‍රකාරව මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා

2020දී බලය අවසන් කළ යුතු බවට දැනුම්දී ඇති බවයි.
මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවද වාර්තා විය. මෙම විමර්ශනය සිදු කරන ලද්දේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ,සිසිර ද සිල්වා අබෘ සහ කේ.ටී. චිත්‍රසිරි යන පංච පුදුගල විනිසුරු මඩුල්ලයි.
ජනපතිවරයාගේ විශේෂ ඉල්ලීම මත මෙම විමසීම සිදු කර තිබුණ අතර එහි තීන්දුව ඊයේ සවස ජනපති කාර්යාලයට භාරදී තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment