පොහොට්‌ටුවේ අපේක්‍ෂකයන් අද කොළඹට : අමතන්නේ මහින්ද විතරයි.


පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා පොදු ජන පක්‍ෂයේ සියලුම සාමාජිකයන් අද (02දා) සවස 2.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිඥාවක්‌ ලබාදීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය.

 මෙයට සහභාගි වන අපේක්‍ෂකයන් ජාතික ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු අතර කාන්තාවන් කුරහන් පැහැති සාරිවලින් සැරසී පැමිණිය යුතු බව දන්වා ඇත.

 මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් ප්‍රතිඥාව දීමට අමතරව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පමණක්‌ ඔවුන් ඇමතීමද සිදු කෙරේ.

 මෙම අවස්‌ථාවට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැස්‌වීම ලබන 6 දා කඩවත දී පැවැත්වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment