බැඳුම්කර චෝදනාවෙන් නිදහස් වෙන රවී අල්ලස් කොමිසම හමුවට !

බැඳුම්කර චෝදනාවෙන් නිදහස් වෙන රවී අල්ලස් කොමිසම හමුවට !
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එවකට මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක මහතාට සෘජුව චෝදනා එල්ල වූ අතර ඒ නිසා ඔහුට සිය ඇමතිධූරය ද අහිමි විය. කෙසේ වෙතත් බැඳුම්කර කොමිසම සිදුකළ පරීක්ෂණවලදී කරුණානායක මහතා නිර්දෝෂී බව හෙලි වී ඇති අතර කොමිසමේ වාර්තාව මගින් ඔහු මෙම දූෂිත ගනුදෙනුවට වගඋත්තරකරුවෙකු ලෙස නම්කර නොමැති බව වාර්තා වේ.
 
මහල් නිවස හරහට
 
එහෙත් පසුගිය කාලයේදී අනාවරණය වූ පරිදි බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පාර්ශ්වයකින් අල්ලස් ලෙස නිවසක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරුවෙකු කළහැකි බව වාර්තාවෙන් අනාවරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කළයුතු බවට වාර්තාව නිර්දේශ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය සාක්ෂි තිබෙන බවයි වාර්තා මගින් හෙළි කරන්නේ.
 
අල්ලස් ලබාගැනීමේ චෝදනාවට තමන් වැරදිකරුවෙකු නොවන බව රවී කරුණානායක මහතා දිගින් දිගටම ප්‍රකාශ කළ අතර ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ අදාල නිවස මිලදී ගැනීම සඳහා ඔහු සෙලාන් බැංකුවෙන් ණය මුදලක් ද ලබාගෙන ඇති බවයි. මේ පිළිබඳව ඔහුගේ නීතිඥයන් දැන සිටියද කුමන හේතුවක් මත හෝ ඒ බ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය කර නොමැත. ඒ අනුව ඔහුට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් නිදහසට කරුණු දැක්වීමට කරුණානායක මහතා සූදානම්ව සිටී.
 
අගමැතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා
 
මේ අතර කොමිසමේ වාර්තාව එළිදැක්වුවහොත් එය ඉදිරි මැතිවරණයේදී එජාපයට අවාසියක් වියහැකි බව එජාප ප්‍රබලයන් පිරිසක් අගමැතිවරයාට දැනුම් දී තිබේ. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණ කොමිසම සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළයුතු බවයි. අගමැතිවරයාට විසින් රවී කරුණානායක මහතාට දැනුම් දී ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙසයි. 
 
එහිදී කරුණානායක මහතා එය සෘජුවම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු අගමැතිවරයාට පවසා ඇත්තේ තමන් මෙම සිදුවීමේ සෘජු පාර්ශ්වකරුවෙකු බැවින් මැතිවරණ කොමිසම හමුවට ගොස් එවැනි ඉල්ලීමක් සිදුකළ නොහැකි බවයි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment