ආයෝජකයෙක් ඇවිත් ස්වර්ණවාහිනී මිලට ගන්න යන කතාව


ආයෝජකයෙක් ඇවිත්
ස්වර්ණවාහිනී මිලට ගන්න යන කතාව
ඇද වැටුණ ETI Finance මහ බැංකුව භාරයට

ඊඒපී මාධ්‍ය ආයතනය සහ ඊටීඅයි ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ ආරංචි පැතිර ගොස් තිබුණි. එක්තරා කාලයක ඉහළින් වැජඹුන ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාව බංකොලොත්වීම සහ ඊටීඅයි ෆිනෑන්ස් සමාගමද තැන්පත් කරුවන් අතරමං කරමින් විශාල මුදල් පරිහානියකට ලක්ව තිබූ බවට පැතිරුණ එම ආරංචිවල සත්‍යතාවයක් පැවතුණි.
සෝමා එදිරිසිංහ මැතිනියගේ අභාවයෙන් පසු
ඊඒපී ව්‍යාපාර  ඇගේ දරුවන් අතරේ බෙදී ගිය පසු ස්වර්ණවාහිනී නාලිකාව ඇදවැටී ඇති බවට ආරංචි පැතිරුණි.
සත්‍ය ලෙසම ස්වර්ණවාහිනිය සමීක්ෂණ වාර්තා අනුව අංක 7 ට වැටී තිබුණ අතර එහි ඉහළ පුටුවල වෙනසක්ද සිදුව එය ගොඩගන්නට විවිධ වෙනස්කම්වලටද ලක්විය.
බොහෝ දෙනෙකුට පුරුදු ස්වර්ණවාහිනී සංකේතය පවා

වෙනස් කරන ලද අතර ප්‍රවෘත්ති වේලාවන් වෙනස් කර ටෙලි නාට්‍ය එකදිගට යන දාමයක්ද නිර්මාණය විය.
මෙම වෙනස්කම් මත නාලිකාව හොඳ අතට හැරේවි යයි ක්ෂෙත්‍රයේ වැඩි දෙනෙකුට විශ්වාසයක් තිබුනේ නැත.

නමුත් පසුගිය සතියේ නිකුත්වූ එල්එම්ආර්බී සමීක්ෂණ වාර්තාව අනුව නැවත ස්වර්ණවාහිනිය හිස ඔසවා ඇත. මේ වනවිට අංක එක දෙරණටත් අංක දෙක හිරුටත් හිමිවෙද්දී ස්වර්ණවාහිනිය අංක තුනට පැමිණ තිබේ. සිරස අයිටීඑන් ජාතික නාලිකාව ඇතුළු අනෙක්වා පසුබැස තිබේ.

මෙම අතරවාරයේ ස්වර්ණවාහිනියේ කොටස් මිලට ගැනීමට විදෙස් ආයෝජකයෙකු කැමැත්ත පළකර තිබෙන අතර ඒ සම්බන්ධ ගිවිසුම් තව නොබෝ දිනකින්ම අත්සන් කරන බවද දැනගන්නට ලැබේ.
මේ අව් අස්සේ තරගකාරී නාලිකාවන් කිහිපයක් ස්වර්ණවාහිනී නාලිකාවට අයෝජනය කරන්නට සූදානම් වන පුද්ගලයා සම්බන්ධයෙන් විවිධ දූෂමාන ආරංචි පතුරා තිබේ.මේ ගැන සොයාබැලීමේදී වාර්තාවන්නේ එක්තරා නාලිකාවක් ස්වර්ණවාහිනිය මිලට ගන්නට සූදානමින් සිටි බවත් එය වැරදීයාම මත මෙම ආරංචි පතුරා ඇති බවත්ය.

මේ අතර ඊටීඅයි ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් ඊයේ (2) මහ බැංකුව නිවේදනයක් නිකුත් කළ අතර එහි පරිහානිය පිළිබඳ තොරතුරු එමගින් තහවුරු කරන ලද නමුත් ගනුදෙනුකරුවන් සුරක්ෂිත කිරීමට මහබැංකුව ගන්නා පියවර විස්තර කර තිබුණි.
නව සමීක්ෂණ අනුව ස්වර්ණවාහිනියේ සංඛ්‍යා දත්ත සටහනක් සහ මහ බැංකු නිවේදනය පහතින් දැක්වේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment