උගන්ඩාවේ ජනාධිපති ධුරයේ වයස් සීමාව ඉවතට​

ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ වයස් සීමාව අහෝසි කිරීමේ පනතකට උගන්ඩාවේ ජනාධිපති යොවෙරි මිසවේනි අත්සන් තැබුවා.



මෙම පනත අනුව ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට මෙතෙක් පැවති අවුරුදු 75 වයස් සීමාව ඉවත් කෙරෙනවා. මේ මගින් 2012 දී පවත්වනු ලබන මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව මුසවේනිට ලැබෙනවා.


1986 සිට උගන්ඩාවේ ජනාධිපති ලෙස කටයුතු කරන මුසවේනිගේ වයස අවුරුදු 73 ක් වනවා.

මෙම පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද්දේ පසුගිය දෙසැම්බර් 20 වනදායි. එය ජනාධිපතිගේ අත්සන ද සමඟ බලාත්මක වුණේ ජනවාරි 2 වනදායි.

මෙම පනතට පක්ෂ වූ මන්ත්‍රීවරුන්ට සිය ස්තුතිය පළ කළ මුසවේනි පැවසුවේ වයස් සීමාවක් පැවතීම මගින් අනවශ්‍ය දේශපාලන අස්ථාවරභාවයක් ඇති කිරීමේ ඉඩක් පවතින බවයි.

උගන්ඩාවේ විපක්ෂය පවසා සිටින්නේ මුසවේනි ජීවිත කාළයම ජනාධිපති ධුරය දැරීමේ අදහසින් මෙම නීති වෙනස් කළ බවයි.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment