තෙල් හිඟයි කියා ඇතුළෙන්ම තමයි එස්. එම්. එස්. එක ගියේ - නි. ඇමතිනි ‍‍අනෝමා


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව වසර සදහා වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවයට සහභාගි වෙමින්
නි. ඇමතිනි ‍‍අනෝමා ගමගේ මහත්මිය හෙළිදරව්වක් කළේ මෙසේය.

“මේ අවුරුද්දේ මමත් ඇමතිතුමත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලයත් එකතු වෙලා බලාපොරොත්තු වෙනවා

හොඳ කාර්යක්ෂමතා සේවයක් පවත්වාගෙන යනවා සේම නැවතත් තෙල් අර්බුදයක් ඇති නොවෙන්න කටයුතු කරන්න. මොකද මෙතැනදී ඇතුලෙම වැඩ කරන අයගෙන් තමයි SMS  පණිවුඩ ගිහිල්ලා පසුගිය කාලේ තෙල් අර්බුදය පටන් ගත්තේ. ඒක නිසා තමයි අපිට හිතට අමාරු. ඒ වගේම රජයේ සේවය කරන්න අපිට පිනක් අපිට උත්පත්තියෙන්ම ලබා දීල තියෙනවා. රජයේ සේවකයෝ කී දෙනාද ඉන්නේ.  ඒ නිසා තමන්ගේ සේවය හරියට කරන්න.... ”




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment