කතානායක කරු දියණිය වෙනුවෙන් ඇරඹූ පිළිකා සරණ භාරය සාර්ථකයි



ඉන්දිරා ජයසුරිය ඩිකර් මහත්මිය මෙලොව එලිය දැකීමට සුදානමින් සිටි සිය පුතු වෙනුවෙන් කල ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය   වෙනුවෙන්   ඇය සිහිකරමින්  බිහිකල පිළිකා සරණ භාරය  පූරා වසරක් තමන් අසරණ පිළිකා
රෝගීන් වෙනුවෙන් ඉටුකල සේවය පිළිබඳව සමාලෝචනයක යෙදුන වස් පසුගිය  දා කථානායක නිළ නිවසේ  දී හමුවුයේ  ගෙවීගිය වසර පූරා නන් අයුරින් ඒ සඳහා ස්චේඡාවෙන් දායක වූ  ස්වකීය සාමාජික  සාමාජිකාවන් සමඟයි.

එම  අවස්ථාවට එක්ව  සිටි විශේෂිතම  චරිත තුනක් කාගේත්  අවධානය දිනා ගත්හ. ඒ ඉන්දිරා ජයසුරිය මහත්මියගේ ස්වාමියා වන බ්‍රිත්‍යනය  ජාතික  මාටින් ඩිකර් සහ දරුවන් දෙදෙනා වන තිලිනි සහ ඩිලාන් ය.


ආදරය කරුණාව ආචාරශීලි  බව  සහ  කෘතවේදීත්වය  පිරි ශ්‍රී ලාංකික ජනතාවගේ සැබෑ සංකේතයක් වූ   සිය බිරිද  ආදරයෙන්,ගෞරවයෙන් සිහි කරමින් අසරණ රෝගීන්ට පිහිටවීම  සඳහා පිලිකා සරණ භාරය  ක්‍රියාත්මක  කරණු ලබන  වැඩසටහන්  පිළිබඳව  සිය ගෞරවය පුද කරණ  බව  සඳහන් කල  මාටින් ඩිකර් මහතා සැම විටම  ඊට  අවශ්‍ය  සහාය  ලබා දීමට  තමා  සුදානම්  බව  පැවසීය .

මානව  දයාවෙන් යුතුව ස්චේඡාවෙන්  පිලිකා සරණ  භාරය සමඟ  අත්වැල් බැඳගැනීම පිළිබඳව සියල්ලන්ට කෘතවේදීත්වය  පල කල කරු ජයසුරිය මහතා  පිලිකා සරණ භාරය තුලින් ඉදිරියෙදීත් වඩ වඩාත් පුළුල් සේවාවක් ඉටු කිරීමට  හැකි වනු ඇතැයි විශ්වාසය පල කලේය.








Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment