ට්‍රැෆික් වැඩි නිසා ඉන්දුනීසියාවේ අගනුවර ජකාර්තා වෙනස් කරන්න සූදානම්



ඉන්දුනීසියාවේ ජකර්තා, 1940 ගණන්වලදී ඕලන්දයෙන් ඉන්දුනීසියාවේ ස්වාධීනත්වය ලබාගත් කාලයේ සිට නම් කළ අගනුවර විය.ජකාර්තා නගරය ඉන්දුනීසියාවේ
ජාවා දූපත් සමූහයට

අයත් දූපතක පිහිටා ඇත.
සෑම වසරකම සෙන්ටිමීටර 18 ක් පමණ මුහුදට ගිලී යන මෙම නගරය පරිපාලන ආයතන නිසා අධික මාර්ග තදබදයකින් පීඩා විඳින්නකි. මාර්ග පද්ධතිය පරිපාලන අවශ්‍යතා මත සැලසුම් කිරීම හේතුවෙන් රථ වාහන තදබදයක් ඇතිවී තිබේ. ජලය ගලායාමද ක්‍රමවත්නැත.
 ඉන්දුනීසියාවේ ආර්ථික මධ්‍යස්ථානය හැටියට ජකාර්තා පැවතීම තවදුරටත් බාධාවක් බව උපදේශකයින් පෙන්වාදී තිබෙන අතර
වර්ෂ 2017 දී ගංවතුරෙන් පසු මෙම තත්වය දැඩිව ඔවුනට දැනෙන්නට වූයේ සියලු කටයුතු අකර්මන්‍ය වීමෙනි.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විදිඩෝ විසින් ජාතික සංවර්ධන සැලසුම්කරණ ඒජන්සිය වෙත මධ්‍යම කල්මන්තන් පළාතේ නගරයක් වන පලංගන්කරය අගනුවර කර සංවර්ධනය කරන්නට යෝජනාවක් ඉදිරිපත් කළේ මේ පසුබිමේය.
මෙම යෝජනාව දැනට ස්ථිරවී ඇති බව පසුගිය සතියේ වාර්තා විය. බොර්නියෝ දූපත් සමූහය ආසන්නයේ මම දූපත පිහිටා තිබේ.
ජාතික සංවර්ධන සැලසුම්කරණ ඒජන්සිය දන්වා ඇත්තේ රජය තීරණය කළහොත් එම පළාත හෙක්ටයාර 500 ක් ප්‍රධාන නගරය ලෙස වැඩිදියුනු කරන්නට සූදානම් වන බවයි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment