වලස්මුල්ල රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනී

වලස්මුල්ල රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනී

02 දා (අද ) අලුයම 12.30 පමණ මෙම ගිනිගැනීම සිදුවී ඇති අතර ගින්නට හේතුව මෙතක් සොයා ගෙන නැති අතර එහි තිබු ශීතකරණයක් නිසා ගින්න ඇති වුවාද යන්න සැකයක් පවතී.

මේ වන විට වලස්මුල්ල රෝහලට අවශ්‍ය ඖෂධ හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයෙන් සම්පාදනය කරන බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. පි.ආර් .එස් .චන්ද්‍රසේන මහතා පවසා සිටියේය.

සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් ගණනය කිරීමක් සිදු කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබෙන බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment