උදයංග නිසා ඩුබායි වරෙන්තුකරුවන් 16ක් නිදහස් වන ලකුණු

උදයංග නිසා ඩුබායි වරෙන්තුකරුවන් 16ක් නිදහස් වන ලකුණු

 

අවලංගු කරන ලද රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයකින් ඇමරිකාව බලා යාමට උත්සාහ දරද්දී උදයංග වීරතුංගව ඩුබායි රාජ්‍යයේදී අත් අඩංගුවට ගැණුනු අතර ඔහු ඩුබායි ඉන්ටර්පෝල් අංශයට ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගමන් බලපත්‍රය අවලංගු වී ඇති බවක් තමන් නොදන්නා බවයි. උදයංගගේ මේ 'නොදන්නා කතාව' ඩුබායි ඉන්ටර්පෝල් අංශය විසින් ද යම් පමණකට පිළිගෙන ඇති ආකාරයක් දක්නට ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ටර්පෝල් ප්‍රධානියා සහ ඩුබායි ඉන්ටර්පෝල් ප්‍රධානියා අතර තදබල වචන හුවමාරුවක් ද ඇති වී තිබේ. උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට පිළිතුරු නොලැබෙන තැන ශ්‍රී ලංකා ඉන්ටර්පෝල් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ "ඔයාලා උදයංගව නිදහස් කරනවා නම් නිදහස් කරන්න. හැබැයි මහත්වරුනි ඩුබායි ඉන්ටර්පෝල් එකෙන් යම් යම් පුද්ගලයින් සම්බන්ධව ලංකාවට එවපු ඉල්ලීම් 16කුත් තියෙනවා. ඔයාලා උදයංගව නිදහස් කරනවා නම් අපිත් ඔයාලාගේ ඉල්ලීම් ගැන කිසිම දෙයක් නොකර ඉන්නම්" යනුවෙනි.

ඒ මොහොතේ ඩුබායි ඉන්ටර්පෝල් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ "එහෙම කරන්න එපා, අපි අද හෝ හෙට ඔයාලගේ ඉල්ලීම සලකා බලන්නම්" යනුවෙනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment