අද 17 – හෙට 18 කොළඹට වතුර නෑ

අද (17) පෙරවරු 9.00 සිට හෙට (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව

කොළඹ 1,2, 3, 4, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවලට සම්පූර්ණයෙන් ම ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 12 සහ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයෙන් ජල සැපයුම සිදු කෙරෙනු ඇත.

අඹතලේ ජල පරිපහදු මධ්‍යස්ථානයේ සිට මාලිගාකන්ද දක්වා දිවෙන ප්‍රධාන ජල නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇතැයි එම කාලසීමාවට අවශ්‍ය තරම් ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment