ලංකන් ප්‍රිමියර් ලීග් LPL අගෝස්තු 18 දා ඇරඹෙයි


ඉන්දියාවේ ප්‍රකට අයි පී එල් තරගාවලිය මෙන් මින් ඉහත එස්එල්පීඑල් නමින් ලංකාවේ තරගාවලියක් පැවැත්වුවද පසුව එය අඛණ්ඩව කරගෙන යාමට නොහැකි බාධා මතුවීම නිසා අත්හැර දමන ලදි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්

ක්‍රීඩකයන්ගේ  හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් විස්සයි20 ප්‍රිමියර් ලීග තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.
මෙම තරගාවලිය ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) ලෙස නම්කර ඇත.
එම තරගාවලිය අගෝස්තු මස 18 දා සිට සැප්තැම්බර් මස 10 දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා පවසයි.

තරගාවලියට කණ්ඩායම් 6ක් තරග කිරීමට නියමිත අතර එක් කණ්ඩායමක් හා තරග දෙක බැගින් එක් කණ්ඩායම් තරග 10ක් කීඩා කිරීමට නියමිතය.

තරගාවලිය පැවැත්වෙන කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග නොමැති බවද ක්‍රිකට් ආයතනය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment