මාතර මැතිවරණ පැමිණිලි 403 ක්

මාතර මැතිවරණ පැමිණිලි 403 ක්
නීතිවිරෝධී දැන්වීම්, කටවුට්, බැනර්, පෝස්ටර්, ධජ පතාක, ස්ටිකර් ප්‍රදර්ශනය කිරීම්, නීතිවිරෝධී ලෙස භාණ්ඩ බෙදාදීම්, නීතිවිරෝධී මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාම, රාජ්‍ය නිලධාරීන් දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කිරීම, නීතිවිරෝධී ආකාරයට සංවර්ධන කටයුතු දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යොදා ගැනීම සහ මහා මාර්ග ආශ්‍රිතව දේශපාලන ලාංඡන සලකුණු කිරීම ආදී නීතිවිරෝධී ක්‍රියා රැසක් පිළිබඳව පැමිණිලි ලැබී තිබේ.
 
මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයට 0413128818 දුරකථන අංකය ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ප්‍රදීප් රත්නායක මහතා පවසයි. මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා යටතේ මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ.
 
මාතර ඉදුනිල් කැළුම් ජයවීර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment